දසුන්ගේ අඩුව පුරවන්න චාමික කණ්ඩායමට

දසුන්ගේ අඩුව පුරවන්න චාමික කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකට ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වන බව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (14) වාර්තා කළේ ය.

පසුගියදා පකිස්ථානය සමග පැවැති තරගයේදී දසුන් ශානක ආබාධයකට ලක්ව ඇති අතර, පසුව ඔහුව ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කර තිබේ.

එහි ප්‍රතිඵලය අනුව දසුන්ට අවම වශයෙන් සති තුනක කාලයක්වත් විවේක ගැනීමට සිදුවන බව සඳහන් වේ.

ඒ අනුව අතිරේක ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායම සමග ඉන්දියාව බලා පිටත්ව ගිය චාමික කරුණාරත්න දසුන් ශානක වෙනුවට සංචිතයට ඇතුළත් කිරීමට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

ඉදිරි තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා කුසල් මෙන්ඩිස් පත් කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් මතීෂ පතිරණට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගයට සහභාගි නොවනු ඇති බවද සඳහන්.

COMMENTS