එංගලන්තය ඇෆ්ගනිස්ථානයට පරදී

එංගලන්තය ඇෆ්ගනිස්ථානයට පරදී

දිල්ලිහි Arun Jaitley ක්‍රීඩාංගණයේදී ඊයේ (15) පැවති 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13වැනි තරගය වන ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය අතර තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

ඒ ලකුණු 69කින් එංගලන්තය පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානු කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 05කදී සියළු දෙනා දැවී ලකුණු 284ක් ලබා ගැනීමට සමත් වුණා.

Rahmanullah Gurbaz පන්දු 57කට ලකුණු 80ක්ද, Ikram Alikhil පන්දු 66කට ලකුණු 58ක්ද, Ibrahim Zadran සහ Mujeeb Ur Rahman ලකුණු 28 බැගින්ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායමේ Adil Rashid කඩුලු 03ක්ද, Mark Wood කඩුලු 02ක්ද, Reece Topley,Liam Livingstone සහ Joe Root කඩුලු 01 බැගින් දවාගත්තා.

ලකුණු 285ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 40යි පන්දු 03ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 215ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහර දීමේදී එංගලන්ත කණ්ඩායමේ Harry Brook ලකුණු 66ක්ද,Dawid Malan ලකුණු 32ක්ද,Adil Rashid ලකුණු 20ක්ද, Liam Livingstone සහ Sam Curran ලකුණු 10 බැහින්ද ලබා ගත්තා.

Mujeeb Ur Rahman සහ Rashid Khan කඩුලු 03 බැගින්ද, Mohammad Nabi කඩුලු 02ක්ද, Fazalhaq Farooqi, Naveen-ul-Haq අතර කඩුලු 01 බැගින් බෙදී ගියා.