ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම වෙරළේ සෝදිසි මෙහෙයුමක්

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම වෙරළේ සෝදිසි මෙහෙයුමක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (16) තලෙයිමන්නාරම, ඌරුමලෙයි වෙරළ තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා.

එම මෙහෙයුමේ දී ඩිංගි යාත්‍රාවක සඟවාගෙන තිබු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.

මෙහිදී Crystal Methamphetamine (ICE) නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4කට වැඩි ප්‍රමාණයක්, හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් පමණ සහ හෂීස් කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරන්නේ.

COMMENTS