ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් හඳුන්වා දෙයි

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් හඳුන්වා දෙයි

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඔලිම්පික් තරගය සඳහා අලුතින් ක්‍රීඩා හඳුන්වාදීමට සුදානම් වෙනවා.

මේ අනුව 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මෙම වෙනස්කම් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කටයුතු කර තිබෙනවා.

දැනට පවතින ක්‍රීඩා ඉසව් වලට අමතරව ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු තවත් ක්‍රීඩා හතරක් ඇතුළත් කිරීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් අනුමත කර ඇති බව වාර්තා වෙනවා.