ජනපති ගිවිසුමකට අත්සන් තබයි

ජනපති ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය කිරීමේ නව ව්‍යාපෘතියකට අදළව චීන සංචාරය අතරතුර අද ජනාධිපතිවරයා බීජිං නුවර හුවාවි සමාගමේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සිදු කළ සංචාරයක් අතරතුර දී මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

චීනයේ හුවාවි (Huawei) තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හුවාවි ආසියා පැසිෆික් කලාපීය සභාපති සයිමන් ලින් (Simon Lin) මහතා අතර මෙම ගිවිසුම අත්සන් කෙරුණි.

ශ්‍රි ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව ද, ඒ මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ඩිජිටල් අධ්‍යාපන ක්‍රමවේදය සහ හරිත බලශක්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් චීන රජයේ මෙන්ම හුවාවි සමාගමේ සහාය ද ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ඉතා තරඟකාරී ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බවත්, ඒ සඳහා මූලික පදනම දැන් සැකසෙමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.