නීති විරෝධී ලෙස ගෙන්වූ බීඩි කොළ තොගයක් රේගු භාරයට

කොත්තමල්ලි බවට ප්‍රකාශ කරමින් රුපියල් අට කෝටි හැට ලක්ෂයක් වටිනා බීඩි කොළ තොගයක් අඩංගු බහලුම් දෙකක් රේගු භාරයට ගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ ප්‍රකාශ කළේ හෝමාගම පදිංචි පුද්ගලයෙකු විසින් ඉන්දියාවේ තූත්තුකුඩි වරායේ සිට අදාළ බීඩි කොළ තොගය මෙරටට ගෙන්වා ඇති බවයි.
මෙම බහාලුම් තුළ තිබූ බීඩිකොළවල බර කිලෝ 12,000 කට ආසන්න වන අතර, ඉන් රජයට අහිමිවන බදු ආදායම රුපියල් හත් කෝටි හැත්තෑ ලක්ෂයක් බව අරුක්ගොඩ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

