සය නිවුන් දරුවන් දැඩි සත්කාර ඒකකයට

සය නිවුන් දරුවන් දැඩි සත්කාර ඒකකයට

කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලේ අද (17) දින උපත ලද සය නිවුන් දරුවන් මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා.

එම රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය එල්. පී. සී. සමන් කුමාර මහතා සඳහන් කළේ, එම බිලිඳුන්ගෙන් පස්දෙනෙක් මේ වනවිට කාසල් රෝහලෙත්, එක් අයෙක් කොළඹ ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබන බවයි.

විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ බිළිඳුන් හය දෙනාටම කෘතිම ස්වසනය ලබාදෙන බවත්, ඔවුන්ව ජීවත් කරවීම දැඩි අභියෝගයක් වී ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ දරුවන් හය දෙනා අඩු වයසින් ඉපදී තිබීම හා ඔවුන් සියලු දෙනාගේම බර අඩු වී තිබීම ඊට හේතුව බවයි.