පාසල් සිසුන් සඳහා දිවා ආහාරය ලබාදීමට සූදානමක්

පාසල් සිසුන් සඳහා දිවා ආහාරය ලබාදීමට සූදානමක්

2030 වසරේදී ප්‍රාථමික පාසල් සිසුන් සඳහා නොමිලේ පාසල් දිවා ආහාරය ලබාදීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ප්‍රංශයේ පැරිස් නුවර ඔක්තෝබර් මස 18 සහ 19 දෙදින පුරා පැවැත්වෙන “ලෝක පාසල් ආහාර වැඩසටහනේ” ප්‍රථම ගෝලීය සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියා.

2030 වර්ෂයේ දී මිලියන 1.6ක් වූ සියලු‍ම ප්‍රාථමික සිසුන් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට අපේක්ෂිතයි.

ලබන වසරේ දී රාජ්‍ය පාසල් පෝෂණ ආධාර අරමුදලක් ස්ථාපිත කර, ඊට අදාළ පනත හඳුන්වා දීමට ගෙන ඇති ප්‍රතිපත්ති තීරණය කෙටුම්පත් කිරීම දැනටමත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇති බව හතෙම සඳහන් කළා.

ලෝක ආහාර වැඩසටහන, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) මෙන්ම දේශීය ව්‍යාපාරික අංශය සහ රාජ්‍ය නොවන සංවිධානවල ද සහාය මෙම පාසල් පෝෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ලැබෙන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.