බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

නාරම්මල, දම්පැළැස්ස ප්‍රදේශයේ දී අද (19) බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව තිබෙන්නේ අලව්ව සිට නාරම්මල දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක්.
අනතුරින් 51 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ මඟීන් 18 දෙනෙකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල හා නාරම්මල රෝහල වෙත ඇතුළත් කළ බව නාරම්මල පොලිසිය සඳහන් කළා.
මේ පිළිබඳව නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

