ඉන්දියාවට සුපිරි ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 17 වන තරඟය ඊයේ (19) පැවැත්වුණා.
ඒ ඉන්දියාව සහ බංගලාදේශය අතරයි.
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබුවා.
බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 256ක් ලබා ගත්තා.
ලිටන් දාස් ලකුණු 66ක් රැස් කරනු ලැබුවා.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 38කට කඩුලු 02ක් දවා ගත්තා.
මෙම තත්ත්වය මත ලකුණු 257ක ජයග්‍රාහී ඉලක්කයක් කරා පියනැගූ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 41.3කදී කඩුලු 03ක් දැවී ජයග්‍රාහී ඉලක්කයට ළඟා වූවා.
කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 103ක් සහ සුබ්මන් ගිල් ලකුණු 53ක් රැස් කළා.
පන්දු යැවීමේදී බංග්ලාදේශයේ Mehdi Hasan Miraz ලකුණු 47කට කඩුලු 02ක් දවා ගැනීමට සමත් වුණා.
ඒ අනුව ඊයේ පැවති තරඟය කඩුලු 07කින් ඉන්දීය කණ්ඩායම ජයගෙන තිබෙනවා.

