ගාසා තීරයට ආධාර දීමට පමණක් රෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තුවේ එකඟතාව

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අතර පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව ට්‍රක් රථ 20ක් පමණ ලබාදීම සඳහා රෆා පිවිසුම විවෘත කිරීමට ඊජිප්තුව එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.
අදාළ ආධාර ට්‍රක් රථ 20 ලබා දීමට රෆා පිවිසුම විවෘත කිරීම එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවේ.
ගාසා – ඊජිප්තු දේශ සීමාවේ පිවිසුම රෆා ලෙස හැඳින්වෙන අතර, ගාසා තීරයෙන් පිටවිය හැකි ඊශ්‍රායලය හරහා පමණක් පාලනය නොවන එකම පිවිසුම මෙයයි.
ඊශ්‍රායල – ගාසා ගැටුම් හේතුවෙන් මිය ගිය ගණන මේ වනවිට 4500 ඉක්මවා ගොස් තිබෙනවා.
ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරය හමුවේ අනෙකුත් සියලුම දේශ සීමා පිවිසුම් වසා දැමීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කළා.
ගාසා තීරය ආශ්රිත සමුද්‍රය පාලනය වන්නේ ද ඊශ්‍රායල නාවික හමුදාව හරහායි.
පසුගිය දින කිහිපය පුරාම ගාසා තීරයේ පුද්ගලයින් දහස් ගණනක් ගාසා – ඊජිප්තු දේශ සීමාව අසළට රැස්ව තිබෙන්නේ ඊශ්‍රායල හමාස් ගැටුම් මධ්‍යයේ ගාසා තීරයෙන් පිටවීම සඳහයි.

