ඩයනා ගමගේට පහරදීමක්

ඩයනා ගමගේට පහරදීමක්

පාර්ලිමේන්තු සංකීර්ණ පහළ මාලයේ ඇති පුස්තකාලය අසල දී අද (20) මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර ගුටි කෙළියක් ඇතිව තිබෙනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය හා විපක්ෂ මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා අතර සිදුව ඇති බහින් බස්වීමකින් පසු මෙම තත්වය ඇතිවූ බව වාර්තාවෙනවා.

විපක්ෂයේ මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා එම සිදුවීම ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති අතර, ඒ හේතුවෙන් එම මන්ත්‍රීවරයා සමඟ ද රාජ්‍ය ඇමතිනිය කිසියම් උණුසුම් වාදයක පැටලී තිබෙනවා.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල්තබන ලදී.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජිත් සංජය පෙරේරා තමන්ට පහරදීමක් සිදු කලේ යයි රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසීමෙ හේතුවෙන් ඒ පිළිබඳ පරීක්ෂණයක් කිරීමට පාර්ලිමේන්තුව කල් තැබිය යුතු බව අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීම අනුව මෙම කල් තැබීම සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

COMMENTS