දුම්රියක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට

දුම්රියක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට

දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරු පැදියකින් ගමන් කළ කාන්තාවක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වූ දුම්රියක එම කාන්තාව ගැටී ඇති බවයි.

අනතුරින් මියගොස් තිබෙන්නේ ලියන්ගේමුල්ල, සීදුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක්.

සීදුව පොලිස් වසමේ ලියන්ගේමුල්ල ප්‍රදේශයේදී ඊයේ (20) සවස් කාලයේ දී එම අනතුර සිදුව තිබෙනවා.