ලක්ෂයකගේ විදුලි සබඳතාවය විසන්ධිවෙයි

2022 වසරේදී සියයට හැත්තෑවකින් පමණ විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු බිල්පත ගෙවාගත නොහැකිව විදුලි පාරිභෝගිකයන් ලක්ෂයකගේ පමණ විදුලි සබඳතා විසන්ධි කර තිබෙනවා.
මේ වන විට විදුලි බිල ගෙවීමට නොහැකිව පවුල් විශාල ප්‍රමාණයක් අසරණව සිටින බව වාර්තා වෙනවා.
ලං.වි.ම.පාලනාධිකාරිය සඳහන් කළේ මේ වන විට මෙරට විදුලි පාරිභෝගිකයන් හැත්තෑහතර ලක්ෂයක් සිටින බවයි.
2022 වසරේ දී විදුලි ගාස්තු සියයට හැත්තෑවකින් පමණ ඉහළ දැමීම හේතුවෙන් බිල්පත් ගෙවා දැමීමට නොහැකි වී විදුලිය විසන්ධි කළ අවස්ථා වැඩි වී තිබෙන කාරණය සත්‍ය බව එම නිලධාරියා ප්‍රකාශ කළා.
විදුලි බිල ගෙවාගත නොහැකි වී විදුලිය විසන්ධිවෙයි කර තිබේ නම්, එම හිඟ බිල්පතින් කොටසක් ගෙවූ විට යළි සබඳතාව ලබාදීමට ලං.වි.ම. කටයුතු කරන බව හෙතෙම සඳහන් කළා.
එමෙන්ම හිඟ බිල්පත යම්කිසි නිශ්චිත කාලයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවට පොරොන්දු විය යුතු බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

