ශ්‍රී ලංකාව පළමු ජයග්‍රහණය සනිටුහන් කරයි

ශ්‍රී ලංකාව පළමු ජයග්‍රහණය සනිටුහන් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 02ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 263ක් ලබාගනිමින් සිය පළමු ජයග්‍රහණය අද (21) ලබා ගත්තා.

2023 එක්දින ලෝක කුසලාන තරඟාවලියේ 19 වැනි තරගය වන ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරඟය අද පෙරවරු 10.30ට ඉන්දියාවේ ලක්නව්හි දී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එහි දී පන්දුවාර 49යි පන්දු 04ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 262ක් ලබා ගත්තා.

Sybrand Engelbrecht ලකුණු 70ක්ද, Logan van Beek ලකුණු 59ක්ද, Colin Ackermann ලකුණු 29ක්ද, Max O’Dowd සහ Scott Edwards ලකුණු 16 බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී Dilshan Madushanka සහ Kasun Rajitha කඩුලු 04 බැගින්ද, Maheesh Theekshana එක කඩුල්ලක් ද ලබාගත්තා.

ලකුණු 263ක ඉලක්කයක් සහිතව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ Pathum Nissanka ලකුණු 54ක්ද, Charith Asalanka ලකුණු 44ක්ද, නායක Kusal Mendis ලකුණු 11ක්ද, Dhananjaya de Silva ලකුණු 30ක් ද රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Sadeera Samarawickrama නොදැවී ලකුණු 91ක්ද, Dushan Hemantha නොදැවී ලකුණු 04ක්ද ලබා ගත්තා.

COMMENTS