ඩොලර් මිලියන 700ක් ලබාදෙන IMF සමාලෝචනය අද

ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්වන සහ හයවන සමාලෝචන ඇගයීමට ලක්කිරීම අද (27) සිදුකිරීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මේ සඳහා අනුමතිය ලබා දී ඇති බව සඳහන් ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේ මේ යටතේ ශ්‍රී ලංකාවට අමෙරිකා ඩොලර් මිලියන 700ක පමණ මූල්‍ය ආධාරයක් ලබාගැනීමට ප්‍රවේශය සැලසෙන බවය.
මෙම සමාලෝචනය සඳහා අනුමැතිය ලැබීමට අවදානය ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින් පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිල ප්‍රතිස්ථාපනය කිරීම තීරණාත්මක ක්‍රියාමාර්ගයක් බව මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය සඳහන් කර තිබුණි.

