එ.ජා.ප. විශේෂ මහා සම්මේලනය ජනාධිපති ප්‍රධානත්වයෙන්

එ.ජා.ප. විශේෂ මහා සම්මේලනය ජනාධිපති ප්‍රධානත්වයෙන්

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් අද(21) පස්වරු 2ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

අනාගත පරම්පරාවට පහසුවෙන් රට ගොඩනැගීමට මෙන්ම නව ලොවට මුහුණදීමට හැකි දේශපාලන පක්ෂයක් ලෙස පරිවර්තනීය වෙනසක් කිරීම සඳහා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මෙහිදී සිදු කිරීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනයේ සිව් දින නිල සංචාරය නිම කරමින් ඊයේ(20) රාත්‍රියේ දිවයිනට පැමිණි බව වැඩි දුරටත් වාර්තා වෙනවා.