ජගත් සංවිධාන මහලේකම් ඊජිප්තුවේ සංචාරයක

ජගත් සංවිධාන මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ඊජිප්තුවේ සංචාරයකට ගොස් තිබෙනවා.
ගාසා තීරයේ පීඩාවට පත්ව සිටින ජනතාවට ආධාර ලබාදීම සඳහා රෆා දේශසීමාව විවෘත කර දෙන ලෙසට ඉල්ලීමක් කිරීම මෙම සංචාරයේ මූලික අරමුණ බව වාර්තා වෙනවා.
ආහාර, ජලය සහ ඖෂධ රැගත් ට්‍රක් රථ 200ක් සමඟ ස්වේච්ඡා සේවකයන් සහ රියදුරන් දේශසීමාව හරහා ගමන් කිරීමට රැදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊශ්‍රායල සංචාරයෙන් පසු අමෙරිකාවට ගොස් සිටින ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේ ට්‍රක් රථ විස්සකට අවසර ලබාගෙන ඇති අතර, ඒවා ඉදිරි පැය 48 තුළ රෆා දේශසීමාව හරහා ගාසා තීරයට ගමන් කිරීමට නියමිත බවයි.

