ප්‍රතිකාර ලැබූ ඩයනා ගමගේ රෝහලෙන් පිටව යයි

ප්‍රතිකාර ලැබූ ඩයනා ගමගේ රෝහලෙන් පිටව යයි

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පහරදීමේ සිද්ධියෙන් පසු ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්වූ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රතිකාර ලබා අද(21) උදේ පිටව ගොස් තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ(20) පස්වරුවේ රෝහල් ගතවූ ඇය පැය 3 කින් පමණ පසු රෝහලෙන් පිටව ගිය බවයි.

සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී තමාගේ ගෙල මිරිකා පහරදුන් බව පවසමින් ඇය ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ බව වාර්තා වෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇය වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධියට මුල් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා මිරිහාන පොලිසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව වැඩි දුරටත් වාර්තා වෙනවා.