ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 263ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 262ක් රැස් කළා.
ඒ අනුව තරඟය ජයගැනීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 263ක්.

