විදුලි ගාස්තු මාස 3කට වරක් සංශෝධනයට යාන්ත්‍රණයක්

විදුලි ගාස්තු මාස 3කට වරක් සංශෝධනයට යාන්ත්‍රණයක්

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මාස හයකට වරක් සංශෝධනය කෙරුණු විදුලි ගාස්තු මින් ඉදිරියට මාස 3කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ මැයෙන් අද (ඔක්. 23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මිල සංශෝධනය සඳහා රජයේ ප්‍රතිපත්තිය තීරණය කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම අනුව සිදු කළ බවයි.

ඒ අනුව විදුලි බල මණ්ඩලය සහ ඛණිජ තෙල් සංස්ථාව සඳහා විශේෂ මිල සූත්‍රයක් සකස් කළ බව වාර්තා වෙනවා.

විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා නීති කෙටුම්පත් කාර්යාලයට ලබා දුන් බවත්, නීති කෙටුම්පත් කාර්යාලය එය සකස් කර නීතිපතිවරයාට යොමු කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.