කැස්බෑව පොලිසියෙන් පහරදුන් බවට පැමිණිල්ලක්

කැස්බෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අමානුෂිකව පහරදුන් බවටත්, පොලිස් ස්ථානය තුළදී සිය බිරිඳව හිංසනයට ලක්කළ බවටත් චෝදනා කරමින් පුද්ගලයෙකු අද (23) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.
ඔහු චෝදනා කර සිටින්නේ පසුගිය 17 වනදා අලුයම් කාලයේ පොලිස් ජීප් රථයකින් පැමිණි කැස්බෑව පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් තමන්ව රැගෙන ගොස් පාළු ස්ථානයක දී දෙඅත් බැඳ අමානුෂික ලෙස පහරදුන් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසය සඳහන් කළේ මෙම චෝදනාව සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරයෙකුගේ ප්රධානත්වයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

