පාකිස්තාන කණ්ඩායමෙන් අගනා ඉනිමක්

පාකිස්තාන කණ්ඩායමෙන් අගනා ඉනිමක්

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 282ක් රැස්කරගැනීමට සමත්වුණා.

එහිදී Babar Azam අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 92ක දී හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 74ක් රැස්කරගත්තා.

Abdullah Shafique පන්දු 75කදී ලකුණු 58ක් රැස්කළා.

පාකිස්තාන ලකුණු පුවරුව ඔසවා තබමින් Iftikhar Ahmed සහ Shadab Khan ලකුණු 40 බැඟින් රැස්කළා.

පන්දු යැවීමේ දී Noor Ahmad ලකුණු 49කට කඩුලු 3ක් දවාගත් අතර, Naveen-ul-Haq ලකුණු 52කට කඩුලු 2ක් දවාගත්තා.