තරුෂිගෙන් නව වාර්තාවක්

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරඟාවලියේ බාලිකා මීටර 400 ඉසව්වේ නව තරඟාවලි වාර්තාවක් පිහිටුවීමට තරුෂි කරුණාරත්න සමත්ව තිබෙනවා.
තප්පර 53.21කින් එම ඉසව්ව නිමකරමින් ඇය මෙම නව වාර්තාව පිහිටුවීමට සමත් වුණා.
මීට පෙර මෙම වාර්තාව සටහන් ව තිබුනේ තප්පර 54.22ක කාලයයි. එම වාර්තාව ඩී එම් අයි ඩී කරුණාරත්න ක්‍රීඩිකාව විසින් පිහිටුවා තිබුණි.
පාසල් ක්‍රීඩිකාවක ලෙස තරුෂි සහභාගී වන අවසන් ක්‍රීඩා උළෙල මෙයයි.
ඇය පසුගියදා ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 රන් පදක්කම ද ශ්‍රී ලංකාව වෙත හිමිකරදුන්නා.

