චීන නැවක් කොළඹ වරාය සමීපයේ

චීන නැවක් කොළඹ වරාය සමීපයේ

චීනයට අයත්, ෂි යෑන් 6 පර්යේෂණ නෞකාව අද කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව වාර්තා වෙනවා.

සැපයුම් ලබා ගැනීමේ අරමුණින් එම නෞකාව පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ඉන්දියාව මේ නෞකාවේ ශ්‍රී ලංකා ගමන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන අතර ඒ පිළිබඳව ඉහළම මට්ටමින් මෙරට රාජ්‍ය තාන්ත්‍රිකයින්ද දැනුවත් කළ බවට එරට මාධ්‍ය වර්තා කර තිබෙනවා.

මේ අනුව නෞකාවේ ශ්‍රි ලංකා ගමන අවිනිශ්චිත වූ අතර ඔවුන් සමඟ පර්යේෂණ කටයුතුවල නිරතවීමට ගිවිසුම්ගතව සිටි රුහුණ විශ්ව විද්‍යලයද එයින් ඉවත්ව තිබෙන බව වාර්තා වෙනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කළේ එම නෞකාවේ පැමිණීම ලබන මස අග වන තෙක් කල් දමන ලෙස රජය චීනයෙන් ඉල්ලා සිටි බවයි.

එවන් පසුබිමක පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාවට නුදුරු ඉන්දියන් සාගර කලාපයේ කිසිම් පර්යේෂණ හෝ නිරික්ෂණ කටයුත්තක නිරත වෙමින් සිටි ෂියෑන් සික්ස් නෞකාව අද උදෑසන තිබුණේ කොළඹ වරාය දෙසට සමීප වෙමින්.

COMMENTS