මොහොමඩ් ඉම්රාන් ඛාන් ඉන්දීය අත්අඩංගුවට

මොහොමඩ් ඉම්රාන් ඛාන් ඉන්දීය අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට නීතිවිරෝධි ලෙස පුද්ගලයින් රැගෙන යාමේ ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් ඉන්දියාවේ බැංගලොර්හි දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහොමඩ් ඉම්රාන් ඛාන් නමැති මෙම සැකකරු ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

තමිල්නාඩු රාමනාදන්පුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු දීර්ඝ කාලයක සිට මෙම ජාවාරමේ නිරතව සිට තිබෙනවා.

2021 වසරේ සිට ඉන්දීය ආරක්ෂක අංශ කළ විමර්ශන වල ප්‍රතිඵලයක් ලෙස ඔහු අත්අඩංගුවට ගැනීම හැකි වී ඇති බව වාර්තා වෙනවා.

කැනඩාවේ රැකියා සඳහා යොමු කරන බවට අසත්‍ය ප්‍රකාශ සිදුකර, මුදල් ලබාගනිමින් මෙම ජාවාරම්කරු ශ්‍රි ලාංකිකයින් තමිල්නාඩුව හා බැංගලෝරය හරහා නීතිවිරෝධි ලෙස ඉන්දියාවට රැගෙන ඒම සිදුකර ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ අනාවරණය කළා.

මෙම සිද්ධියට අදාළව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මඟින් මීට පෙර ඉන්දීය ජාතිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

COMMENTS