කාමාතුරයන්ට බිළිවන මල් කැකුළු පිළිබඳ හෙළිදරව්වක්

කාමාතුරයන්ට බිළිවන මල් කැකුළු පිළිබඳ හෙළිදරව්වක්

මාසයක් ඇතුළත අවුරුදු 16ට අඩු දැරියන් 168 දෙනෙකු දූෂණයට ලක්කර ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළා.

කාමාතුරයන්ට බිළිවන දැරියන් 22ක් මේ වන විට ගර්භණී තත්ත්වයට පත්ව ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය,

“2023.09.01 සිට 2023.09.30 දක්වා මාසයක් ඇතුළත වයස අවුරුදු 16ට අඩු දරුවන් 168 දෙනෙක්ව දූෂණයට ලක්වෙලා තිබෙනවා.”

“ඒ අය අතරින් මේ වනවිටත් දරුවන් 22ක් ගර්භණී බවට පත්වෙලා. අපි ඉතාම අවාසනාවන්ත තත්ත්වයක ඉන්නේ.”

COMMENTS