නෙදර්ලන්තය දැඩි අසීරුවක

නෙදර්ලන්තය දැඩි අසීරුවක

2023 එක්දින ලෝක කුසලානයේ 24වැනි තරඟය අද (25) ඕස්ට්‍රේලියාව හා නෙදර්ලන්තය අතර පස්වරු 02.00ට දීල්ලිහි දී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර, එහිදී ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 399 ක් රැස් කිරීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 104 රැස්කළ අතර, එය ඔහුගේ 22 වන එක්දින ජාත්‍යන්තර ශතකයයි.

පන්දු 93කට මුහුණදුන් වෝනර් එහි දී 4 පහර 11ක් සහ 6 පහර 3ක් එල්ල කළා.

ස්ටීව් ස්මිත් පන්දු 68කදී ලකුණු 71යි.

මානස් ලකුණු 62යි.

මේ අතර ප්‍රවේගවත් ඉනිමක් ක්‍රීඩාකළ ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 43කදී ලකුණු 106ක් ලබාගත්තා.

ඊට 4 පහර 9ක් සහ 6 පහර 8ක් ඇතුළත් වුණා.

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය ලෙස මැක්ස්වෙල්ගෙන්.

පන්දු යැවීමේ දී බැස් ඩී ලීඩ් ගේ පන්දු ඕවර 10ට ලකුණු 115ක් ලබාගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත්වුණා.

එය ද ලෝක කුසලාන තරඟාවලියේ වාර්තාවක්.

මෙම තරඟය ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 50ක දී ලකුණු 400ක් ලබා ගත යුතු වෙනවා.