මහාධිකරණයෙන් ධීවරයින්ට සහනයක්

මහාධිකරණයෙන් ධීවරයින්ට සහනයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් සිය වෘත්තියට ඇති වූ හානිය වෙනුවෙන් වන්දි අය කරදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ධීවර ප්‍රජාව විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සංශෝධනය කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම අවසර ලබාදී ඇති බව වාර්තා වෙනවා

එම නෞකාව තුළින් පාරිසරික හා සියලු වෘත්තිය ක්ෂේත්‍රයන්ට ඇති වූ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 6.7 ක් බව තක්සේරු කර තිබෙනවා.

ඒ අනුව සිය වෘත්තියට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කරදෙන ලෙස ඉල්ලමින් ධීවර ප්‍රජාව විසින් මෙම නඩුව කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කළා.

COMMENTS