සිංහයන් ලෝක ශුර එංගලන්ත ඉනිම අඩපන කරයි

සිංහයන් ලෝක ශුර එංගලන්ත ඉනිම අඩපන කරයි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන තරඟයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 156ක් රැස්කළා.

කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

2023 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ පළමු පන්දුවාරයේම Dawid Malan ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුණා.

තරඟයේදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 14 ලබාදී කඩුලු 02 දවගත්තා.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලහිරු කුමාර ලකුණු 35 ලබා දී කඩුලු 03 දවාගත් අතර, කසුන් රාජිත ලකුණු 36 ලබා දී කඩුලු 02 දවා ගැනීමට සමත් වුණා.

මහේෂ් තීක්ෂණ ලකුණු 21 ලබා දී එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

තරඟය ජයගැනීම සඳහා ලංකාවට හිමිවී තිබෙන ඉලක්කය ලකුණු 157ක්.

ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් ශ්‍රී ලංකාව සහ එංගලන්තය හත සහ අට යන ස්ථානවල පසුවීම හේතුවෙන්, අද (26) පැවැත්වෙන මෙම තරඟය ජයගැනීම දෙපිළටම වැදගත් තරඟයක්.