කැන්ගරුවන්ට වාර්තා ගත ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවැති තරගය ඔස්ට්‍රේලියාව ලකුණු 309කින් ජය ගත්තේ ය.
එය වාර්තා අතරට එක්වූයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගයකදී වැඩිම ලකුණු පරතරයකින් ජය ගත් තරගය ලෙසයි.
දිල්ලිහී අරුන් ජෙයට්ලි ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත් විය.
පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ දෙවැනි කඩුල්ලට ඩේවිඩ් වෝනර් සහ ස්ටීවන් ස්මිත් එක් කළ සබදතාවය ලකුණු 132ක්.
ස්ටීවන් ස්මිත් ලකුණු 71ක් රැස් කළේ ය.
ඩේවිඩ් වෝනර් ලකුණු 104යි.
ග්ලෙන් මැක්ස්වෙල් සහ නායක පැට් කමින්ස් අතර 7වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 103ක්.
මැක්ස්වෙල් අද වාර්තා අතරට එක් වූයේ, ලෝක කුසලාන ක්‍රිකට් තරගයක වේගවත්ම ශතකය රැස් කළ ක්‍රීඩකයා ලෙසයි.
ඔහු පන්දු 40කින් ශතකය රැස් කළේ ය.
ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 399ක් රැස් කිරීමට සමත් විය.
නෙදර්ලන්ත ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 28යි.
මැක්ස් ඔ ඩවුඩ් ලකුණු 6කට දැවී ගියේ.
වික්‍රම්ජිත් සිං ලකුණු 25යි.
ඔස්ට්‍රේලියා ප්‍රබල පන්දු යැවීම හමුවේ අන් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 20 සීමාව පසු කිරීමට නොහැකි විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඇඩම් සැම්පා ලකුණු 8ට කඩුළු 4ක් ගත්තේ ය.
නෙදර්ලන්තයට පන්දුවාර 21ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 90ක් පමණයි.

