පළාත් පාලන ආයතනවල ගෙවීම් මාර්ගගත ක්‍රමයට

2024 වසරේ සිට සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ පළාත් පාලන ආයතනවල බදු එකතු කිරීමේ කටයුතු ඇතුළු ගෙවීම් ජනතාවට අපහසුවක් නොවන ආකාරයෙන් සිදු කිරීම මෙහි අරමුණ බවයි.
දිවයින පුරා ක්‍රියාත්මක පළාත් පාලන ආයතන 341 තුළම අදාළ වැඩපිළිවෙල ලබන වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

