මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය හා සම්බන්ධවීම සඳහා ක්ෂණික දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.

ඒ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්.

අමාත්‍යාංශය හා සම්බන්ධවිය හැකි ක්ෂණික දුරකතන අංක පහතින්

0094711 757 536
0094711 466 585

මීට අමතරව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ +94 112 338 837 දුරකතන අංකයට කාර්යාල වේලාවන්හි දී ඇමතුම් ලබාගැනීමට හැකි බවද විදෙස් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට කොන්සියුලර් කටයුතු අංශයට repatriation.consular@mfa.gov.lk විද්‍යුත් තැපෑල හරහා ද තොරතුරු ලබාදිය හැකි අතර, විදේශ අමාත්‍යාංශය මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ අවදානම් ප්‍රදේශවල සංචාරයේ නිරත නොවන ලෙසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය මඟින් මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායලයේ ටෙල් අවීව් සහ පලස්තීනයේ රමල්ලා හි ක්‍රියාත්මක ශ්‍රී ලාංකික ධූත මණ්ඩල සාමාජිකයින් සමඟ නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වන ලෙසයි.