උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා පෙත්සමක්

උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා පෙත්සමක්

ලබන ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එම ගොනු කරන ලද පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා විභාග කොමසාරිස්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අවසර දීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සිසුන් තිදෙනක්.

එහිදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන මේ පෙත්සම සඳහා සීමිත විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා අවසර දෙන ලෙස ඉල්ලා ඇත.

කෙසේ වෙතත්, අදාළ විෂය නිර්දේශයන් නියමිත පරිදි ආවරණය වී නොමැති බව පෙත්සම්කරුවන් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම එසේ තිබිය දී අපොස උසස් පෙළ විභාගය ලබන ජනවාරි මාසයේ 04 වැනිදා සිට පැවැත්වීමට තීරණය කර ඇති බව ඔවුන් පවසනවා.