පාසල් පහසුකම් ගාස්තු ඉහළට ?

පාසල් පහසුකම් ගාස්තු ඉහළට ?

පාසල් සංවර්ධන සමිතිවලින් මෙතෙක් අයකරනු ලැබූ පහසුකම් ගාස්තුව වැඩි කිරීමට තීරණය කර ඇති බවට රාජ්‍ය, පළාත් රාජ්‍ය හා රජයේ වෘත්තීය සමිති සම්මේලනය චෝදනා කරනවා.

පහසුකම් ගාස්තුව වැඩි කිරීමට තීරණය ගෙන ඇත්තේ විදුලි බිල ඉහළ යාමෙන් බවයි මෙම වෘත්තීය සමිති සඳහන් කරන්නේ.

මේ බව එහි ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න පැවසුවේ මහනුවර ඊයේ (29) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.