ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන සටන අද

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන සටන අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය පූනේ හි මහාරාෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (30) ප. ව. 2.00 ට ආරම්භ වීමට නියමිතය.

කණ්ඩායම් දෙකම තරගාවලියේ තරග 5කට ක්‍රීඩා කර තරග 2 බැගින් ජයගෙන තරග 3ක් පරාජය වී ඇති බැවින් මේ තරගය ඉදිරියට යෑම උදෙසා දෙපිලටම අතිශය තීරණාත්මක වේ.

එංගලන්තයට එරෙහිව පසුගිය දා පැවැති තරගයේ ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ වීරයා වූ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පාදයේ ආබාධයකට ලක් වීම මත සංචිතයෙන් ඉවත්ව ඇත.

ඒ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සංචිතයට කැඳවා ඇති අතර අද තරගයේ දී බොහෝ දුරට චමීර ක්‍රීඩා කිරීමට ඉඩ ඇත.

COMMENTS