අමාත්‍ය ප්‍රසන්නට අදාළ පෙත්සම මේ මස 20 වනදා විභාගයට

අමාත්‍ය ප්‍රසන්නට අදාළ පෙත්සම මේ මස 20 වනදා විභාගයට

කොළඹ මහාධිකරණය විසින් තමන්ට එරෙහිව පනවා තිබෙන අත්හිට වූ සිර දඬුවම අහෝසි කර, තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද(01) තීන්දු කළා.

අදාළ පෙත්සම මේ මස 20 වනදා විභාග කිරීමට නියමිතයි.

ඊට අදාළ මෝසම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඉඩම් ගොඩ කිරීමකට අදාළව ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි කියන චෝදනාවට වරදකරු කෙරුණු අමාත්‍ය ප්‍රසන්න රණතුංග කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කළ අතර එය වසර 05කට අත් හිටුවීමට තීන්දු කළා.

COMMENTS