මැක්ස්වෙල් එංගලන්තයට එරෙහි තරඟයෙන් ඉවතට

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් රථයකින් ඇද වැටීමෙන් සුළු අනතුරකට භාජනය වී තිබෙනවා.
ගොල්ෆ් ක්‍රීඩාංගණ තුළ ක්‍රීඩකයන් ප්‍රවාහනය කරන ගොල්ෆ් රථයක ලිස්සා වැටීමෙන් අදාළ අනතුර සිදුව ඇති බව වාර්තා වෙනවා.
ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු මැක්ස්වෙල් එංගලන්තයට එරෙහිව එළඹෙන තරඟයෙන් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුර හේතුවෙන් මැක්ස්වෙල්ට දින 06ක පමණ විවේකයක් ලබා ගැනීමට සිදුව තිබෙනවා.

