අස්වැසුම ප්‍රතිපාදන ප්‍රමාණය ඉහල නංවනවා – අගමැති

අස්වැසුම වැඩසටහනෙන් තවත් වැඩි ප්‍රමාණයකට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට හැකියාව තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ “අලුත් ගමක්- අලුත් රටක්”ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන පිළිබඳ අනුරාධපුර විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ඊයේ(31) උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවට එක්වෙමින්.
මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, කේ.එච්. නන්දසේන, කේ.පී.එස්.කුමාරසිරි, යදාමිණි ගුණවර්ධන, රෝහණ බණ්ඩාර , රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, උතුරු පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, අනුරාධපුර දිසාපති එම්.ජේ.කේ ජයසුන්දර , ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ප්‍රාදේශීය ලේකම්වරු රාජ්‍ය ආයතන නිලධාරීන් පොදු සමිති නියෝජිතයින් සහභාගි වුණා.

