කඳුරට දෙමළ ජනතාව සමාජයට ඒකාබද්ධ කිරීමට වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ කඳුරට දෙමළ ජනතාව ශ්‍රී ලංකික සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීම සඳහා වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
වැවිලි ප්‍රජාව සඳහා වසර 200ක් සැපිරීම සනිටුහන් කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකික පුරවැසියන් වන, වතු ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට, ආර්ථික හා වෘත්තිමය අවස්ථා ඇති කිරීමට සහ ස්ථිර පදිංචිය සහිත උසස් ජිවන තත්ත්වයක් ළගා කර දීමට කටයුතු කිරීමට යෝජනා වී තිබෙනවා.
ඒ සඳහා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ ආයතන සමග එක්ව අදාළ වැඩසටහන් ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මගපෙන්වීම සහ අධීක්ෂණය සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

