ක්ෂණික මූල්‍ය සහ ණය නියාමනය අධිකාරි කෙටුම්පත ගැසට් කරයි

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.
මුදල් අමාත්‍යංශය සදහන් කළේ මුදල් ණයට දීමේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර නියාමනය කිරීම සහ ඒවායේ ගණුදෙනුකරුවන් ආරක්ෂා කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණ බවයි.
මේ සඳහා නිල බලයෙන් මහ භාණ්ඩාගාරයේ, මහ බැංකුවේ සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පත් වන අතර මුදල් අමාත්‍යවරයාට සහ මහ බැංකු අධිපතිවරයාට නියෝජිතයින් දෙදෙනෙකු බැඟින් හතර දෙනෙකු පත් කළ හැකියි.
මෙම අධිකාරිය පිහිටුවීමෙන් පසු බලපත්‍රයක් නොමැතිව පුද්ගලයෙකුට මුදල් ණයට දීමේ ව්‍යාපාර සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකියි බව වාර්තා වෙනවා.
මුදල් අමාත්‍යංශය සදහන් කළේ මෙම පනත සම්මත කිරීමෙන් පසු වරදක් සිදු කරනු ලබන පුද්ගලයෙකු මහේස්ත්රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කර වරදකරු වුවහොත්, රුපියල් මිලියන 5 නොඉක්මවන දඩයකට හෝ අවුරුදු 5 ක් නොඉක්මවන කාලයක් සඳහා සිර දඩුවමකට ද යටත් කළ හැකි බවයි.

