මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බොබ් මාලි අත්අඩංගුවට

ඕපාත වීරපාන ප්‍රදේශයේදී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බොබ් මාලි හෙවත් චමින්ද තාබෘෘ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඕපාත පොලීසිය ලද තොරතුරකට අනුව කළ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
2021 වර්ෂයේ අගෝස්තු 31 වනදා බේරුවල මුහුදු තීරයේදී රුපියල් කෝටි තුන්සීයයකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 288කට අධික තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේද බොබ් මාලි නැමැත්තායි.
43 හැවිරිදි වියේ පසුවන සැකකරු බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මේ වන විට මාලබේ තලාහේන ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාර බොබ් මාලි ඇතුළු සිව්දෙනා හෙට උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

