ශ්රී ලංකාවට ලකුණු 358ක ඉලක්කයක්

2023 එක්දින ලෝක කුසලානයේ ශ්රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවැත්වෙන තරඟය වංකඩේ ක්රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙනවා.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 08 දැවී ලකුණු 357 ක් ලබා ගත්තා.
තරඟයේ දී Shubman Gill පන්දු 92ක දී ලකුණු 92ක් ලබා ගත්තා.
Virat Kohli පන්දු 94ක දී ලකුණු 88ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී දිල්ෂාන් මධුශංක කඩුලු 4ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙම කඩුලු 05ත් සමඟ 2023 ක්රිකට් ලෝක කුසලානයේ වත්මන් වැඩිම කඩුලු ලාභියා වන්නට දිල්ශාන් මදුශංකට හැකි වුණා.
ඉන්දියානුවන් මෙම තරඟය ජයගතහොත්, ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.
ශ්රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම්, ඔවුන්ට ඉතිරිව තිබෙන තරඟ තුනම ජයගෙන ශුද්ධ ලකුණු වේගය ද ඉහළ මට්ටමක රඳවා ගත යුතුයි.

