ස්විස්ටර්ලන්තයේ සූරිච් සහ කොළඹ අතර එරල්වයිස් ගුවන් සේවා අරඹයි

ස්විස්ටර්ලන්තයේ සූරිච් සහ කොළඹ අතර එරල්වයිස් ගුවන් සේවා අරඹයි

සුප්‍රසිද්ධ ස්විස්ටර්ලන්ත ගුවන් සේවයක් වන එරල්වයිස් ගුවන් සේවය සූරිච් සිට කොළඹ දක්වා වරලත් ගුවන් මෙහෙයුම් අද (03) සිට ආරම්භ කළා.

එරල්වයිස් ගුවන් සේවය අද සිට ලබන වසරේ මැයි 17 වනදා දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව අද (03) උදෑසන 8.50 ගුවන් මගීන් 221ක් රැගත් එරල්වයිස් ගුවන් සේවයට අයත් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණි බව වාර්තා වෙනවා.

මෙම නව ගුවන් සේවයේ අරමුණ වන්නේ කොළඹ සිට යුරෝපය දක්වා සංචාරකයින්ට සෘජු පහසුකම් සැළසීමයි.