දැවැන්ත බදු වංචාවක් ගැන හෙළිකරයි

දැවැන්ත බදු වංචාවක් ගැන හෙළිකරයි

සීනි සඳහා ශත 25ක තිබූ බදු මුදල රුපියල් 50ක් දක්වා ඉහළ දැමීම පසුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද හෙළිදරව් කළා.

ඔහු සඳහන් කළේ බද්ද වැඩිකිරීමට මොහොතකට පෙර එක්තරා සමාගමක් පැරණි බදු මුදලට සීනි කිලෝග්‍රෑම් 520,000ක ප්‍රමාණයක් රේගුවෙන් නිදහස් කරගෙන ඇති බවයි.

නිදහස් කරගෙන ඇති සමස්ත සීනි ප්‍රමාණයට අදාළව රජයට ගෙවා ඇති බදු මුදල රුපියල් 130,000ක් බව ද ඒ මහතා ප්‍රකාශ කළා.

රුපියල් 50ක නව බදු මුදල අය කළේ නම් ඉන් රජයට රුපියල් 18,000,000ක මුදලක් ගෙවිය තිබූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී සීනි බදු මුදල රුපියල් 50 සිට ශත 25ක් දක්වා අඩුකරන මොහොතේ ද මෙම සමාගම විසින් රේගු ගුදම්වල රඳවාගෙන සිට නිදහස් කරගනිමින් රජයට ගෙවීමට නියමිතව තිබූ දැවැන්ත බදු මුදල් ප්‍රමාණයක් වංචා කළ බව ද පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.