නෙදර්ලන්තයෙන් ලකුණු 179ක ඉනිමක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය හා නෙදර්ලන්තය අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 46.3ක දී සියලු දෙනා දැවී ලකුණු 179ක් රැස්කළා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්තානයට හිමි ඉලක්කය ලකුණු 180ක්..
නෙදර්ලන්තය වෙනුවෙන් සිබ්‍රන්ඩ් එංගල්බ්‍රෙක් ලකුණු 58ක් සහ මැක්ස් ඕඩොව්ඩ් ලකුණු 42ක් රැස් කළා.
පන්දු යැවීමේ දී මොහොමඩ් නබී ලකුණු 28ට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා.

