ඔස්ට්‍රේලියාවෙන් එංගලන්තයට ලකුණු 287ක ඉලක්කයක්

ඔස්ට්‍රේලියාවෙන් එංගලන්තයට ලකුණු 287ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ 36වන තරඟය එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර අද (04) Narendra Modi Stadium, Ahmedabad හි දී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 03ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 286ක් ලබාගත්තා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Steven Smith ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වූ අතර, Marnus Labuschagne තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 71ක්, Cameron Green ලකුණු 47ක්, Marcus Stoinis ලකුණු 35ක් ලබා ගත්තා.

තරඟය ජයගැනීම සඳහා එංගලන්තයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 287ක්.

COMMENTS