ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ එස්.පි.සී.සුගීෂ්වර මහතා ප්‍රකාශ කළේ කුරුණගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 05ක් අඩි 04 බැගින් විවෘත කර ඇති බවයි.
උඩවලව ජලාශයේ ද වාන් දොරටු පහක් අඩිය බැගින් විවෘත කර ඇති අතර, ඒ හේතුවෙන් එම ජලාශ ආශ්‍රිතව වෙසෙන ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසු විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ අතර, අත්තනගලු ඔය සහ නිල්වලා ගංඟා ද්‍රෝණි සඳහා පනවා තිබු ඟංවතුර අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් බලපැවැත්වෙනවා.
එම ගංගා ආශ්රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ විමසිල්ලෙන් පසු විය යුතු බව එස්.පි.සී.සුගීෂ්වර මහතා වැඩිදුරටත් අවධාරණය කළා.
මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද කුඩා, මධ්‍ය හා මහා පරිමාණ වැව් රාශියක් ම පිටාර ගොස් ඇති බව වාර්තාවෙනවා.

