පළාත් කිහිපයකට අද පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි

අද (04) දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුර, ඌව, නැගෙනහිර සහ දකුණ පළාත්වල සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති වීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අකුණු මඟින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

