ශම්මි සිල්වාගේ ලිපියට රොෂාන් රණසිංහ ගෙන් ප්‍රතිචාර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන්හි වගකීම භාරගනිමින් ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රිකට් විධායක කමිටුව වහාම ඉල්ලා අස්විය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අවධාරණය කරනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ එසේ ඉල්ලා අස් නොවී බහිරවයන් සේ ක්‍රිකට් බලධාරීන් රැඳී සිටින්නේ නම් තමන්ට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.
මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයට චෝදනා එල්ල කරමින් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියට ද ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් පෙන්වා දෙන්නේ ක්‍රිඩා අමාත්‍යංශයේ චේතනාන්විත බාධා කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු සහ වෘත්තීය භාවය දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති බවයි.
ඒ අනුව මෙතෙක් විසදුම් නොලැබුණු ගැටලු කිහිපයක් විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ කඩිනම් මැදිහත් වීමක් අපේක්ෂා කරන බව ශම්මි සිල්වා සිය ලිපියෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව 2024 ජනවාරි මසදි ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් රජයේ සහයෝගය ලබාගැනීමේදි ක්‍රීඩා අමාත්‍යංශයෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීම.
ලංකා T10 සුපර් ලීග් තරගාවලයි සඳහා අවසර ලබාගැනීමේදි ක්‍රීඩා අමාත්‍යංශය ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් නොදැක්වීම මෙවර ලෝක කුසලාන තරගාවලිය, නවසීලන්තයේ ශ්‍රී ලංකා සංචාරය සහ පසුගිය වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලියටත් ශ්‍රි ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ සහභාගීත්වය ක්‍රීඩා අමාත්‍යංශය විසින් සීමා කිරීම යන ගැටලු ඒ අතරට අයත්.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා යැවු එම ලිපියට ප්‍රතිචාර දක්වමින් ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද ජනාධිපතිවරයාට යොමු කළ ලිපියක දැක්වෙන්නේ ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ක්‍රීඩා අමාත්‍යාංශයට එල්ල කළ අදාළ චෝදනා පදනම් විරහිත හා අසත්‍ය බවයි.
ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණය කරනු ලබන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ ජාතික ක්‍රීඩා සභාව සහ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වන අතර, තමා දන්නා තරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ඇතැම් ඉල්ලීම් එම බලධාරීන් විසින් අනුමත නොකළ බවද එම ලිපියේ සඳහන්.
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට කිසිදු ප්‍රතිලාභයක් අත් නොවන අන්දමින් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ප්‍රශ්න සහගත ලෙස කරනු ලබන අධික මූල්‍ය වියදම් ඊට හේතු වූ බව ද එහි සඳහන්.
පසුගිය සැප්තැම්බර් 19 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කළ විගණන වාර්තාවෙන්ද ක්‍රිකට් ආයතනයේ වංචා හා දූෂණ අක්‍රමිකතා තහවුරු වී ඇති බවත්, ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා එම වාර්තා අදාළ පාර්ශ්ව වෙත යොමුකර ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.



